පවතින දැඩි පෑවිල්ල සහ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා පවසයි. අමු තේ දලු හිඟය හේතුවෙන් දලු ඇඹරුම් ධාරිතාව 50%කින් පමණ පහත වැටී ඇති අතර, මේ වන විට දිවයින පුරා තේ කර්මාන්තශාලා 200ක් පමණ වැසී ගොස් තිබේ.
වාර්ෂික නිමි තේ අපනයනය මෙට්‍රික් ටොන් 250,000 සිට 125,000 දක්වා අඩකින් පහත වැටී ඇති අතර, මේ නිසා මසකට ඩොලර් මිලියන 200ක පමණ විදේශ විනිමයක් රටට අහිමි වී ඇත. සිලෝන් සුපිරි තේ කිලෝවක තොග මිල රුපියල් 1000-1100ක් වන අතර, සෙසු තේ වර්ග රුපියල් 800-970ක් වැනි ඉතා අඩු මිලකට අපනයනකරුවන් විසින් මිලදී ගනු ලබයි. මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පවතින යුද තත්ත්වය මෙරට තේ සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම සෘජුවම අඩාල වීමට හේතු වී තිබේ.














