මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වාලච්චේන පොලිස් වසමට අයත් කරුවන්කෙණි හන්දිය අසලදී අද (22) දරුණු රේගු අනතුරක් සිදුව තිබේ. මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු වහාම වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. මියගිය පුද්ගලයා කල්කුඩා ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබේ.
අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියැදුරු මේ වන විට වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













