රාමනාදන්පුරම් පොලිස් වසමට අයත් සින්නසන්දි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි 24 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) දින එම ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිස් නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ සඟවා තිබූ පෙට්‍රල් ලීටර 1,220ක් සහ ඩීසල් ලීටර 530ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා සියල්ල පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙලෙස ඉන්ධන රැස්කර තබා ඇත්ද යන්න පිළිබඳව රාමනාදන්පුරම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














