ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් (රු. 382 දක්වා) ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු අවම වශයෙන් 15%කින් වත් ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. නිසි ගාස්තු සංශෝධනයක් ලැබෙන තෙක් අද (22) දිනයේ පුද්ගලික බස් රථවලින් 90%ක් පමණ ධාවනයෙන් ඉවත් වී ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මෙම මිල ඉහළ යාම හමුවේ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකි මට්ටමක පවතින බැවින්, නව ගාස්තු ව්‍යුහය ප්‍රකාශයට පත් කරන තෙක් ධාවන කටයුතු අඩාල වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය. මේ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ (NTC) අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද දිනය තුළදීම ප්‍රකාශයට පත් කරන බවයි.














