දියබෙදුම, කොඳුරුවාව ප්‍රදේශයේදී සිදු වූ වනඅලි ප්‍රහාරයකින් අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (21) පස්වරුවේ තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් පැල් රැකීම සඳහා ගමන් කරමින් සිටියදී මොවුන් මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව දියබෙදුම පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මුලින්ම දියබෙදුම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරු කර යවා ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි අයෙකි. වනඅලි තර්ජන උග්‍ර වී ඇති මෙම කාලසීමාවේ රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ.














