කාටාර් රාජ්‍යයේ මුහුදු සීමාව තුළදී එරට ආරක්ෂක අංශවලට අයත් හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩා වැටී තිබේ. අද (22) දින සාමාන්‍ය රාජකාරි මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති බව කාටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කළේය.
යානය කඩා වැටුණු ප්‍රදේශය හඳුනාගෙන ඇති අතර, කාටාර් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් විශේෂ සහන කණ්ඩායම් සහ නාවික හමුදා ඒකක එක්ව මේ වන විට දැවැන්ත සෝදිසි සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් (Search and Rescue) ආරම්භ කර ඇත. යානයේ සිටි පිරිස හෝ ඔවුන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් අනාවරණය වී නොමැති අතර, අදාළ මුහුදු කලාපයේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.














