කොළඹ නගර සභා සීමාව තුළ මාර්ග අයිනේ වාහන නැවැත්වීමේ ගාස්තු (Parking Fees) අය කිරීම හෙට, එනම් මාර්තු 23 වන සඳුදා සිට යළි ආරම්භ කරන බව කොළඹ නාගරික කොමසාරිස්වරයා නිවේදනය කරයි. ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට සාමාන්‍ය පරිදි රථවාහන ගාල් කළමනාකරණය සහ ගාස්තු අය කිරීමේ කටයුතු සිදු කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව තීරණය කර තිබේ.
පසුගිය මාර්තු 18 වනදා සිට මෙම ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේ ඉන්ධන පිරවුම්හල් අසල පැවති දිගු වාහන පෝලීම් හේතුවෙන් ඇති වූ මාර්ග තදබදය සලකා බලමිනි. කෙසේ වෙතත්, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන QR කේත ක්‍රමය සහ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය නිසා පිරවුම්හල් අසල පෝලීම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ මහ නගර සභාව මෙම තීරණය ගෙන තිබේ.














