ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ මෙරටට ලැබීමට තිබූ බොරතෙල් නැව් ප්‍රමද වීම හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ රාත්‍රී කාලයේ විදුලිය උත්පාදනය සඳහා ඩීසල් භාවිත කිරීමට සිදුවන බව රජය නිවේදනය කරයි. අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව අනාවරණය කළහ. පිරිපහදු කටයුතු සීමා වීම නිසා විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් සහ නැප්තා හිඟයක් ඇතිවී තිබීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් සියයට 13ක (13%) මිල වැඩි කිරීමක් යෝජනා කර ඇති බවයි. කෙසේ වෙතත්, රජය මෙහිදී ජනතාවට සහනයක් ලබාදීමට අපේක්ෂා කරන අතර ඒ පිළිබඳ අවසන් තීරණය අප්‍රේල් 01 වනදා මහජන උපයෝගීතා කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පවතින දැඩි අර්බුදය හමුවේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමමින් සහ මහාමාර්ගවල විදුලි ආලෝකය සීමා කරමින් සහයෝගය ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.














