ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලෙඩින් බෝරූජර්ඩි (Alaeddin Boroujrrdi) අද (22) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සමහර නෞකාවලින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක (පවුම් මිලියන 1.5ක) ගාස්තුවක් අය කිරීමට ඉරානය පියවර ගෙන ඇති බවයි. ඔහු පෙන්වා දුන්නේ මෙම සමුද්‍ර සන්ධිය තුළ “නව පාලන රේගුවක්” ක්‍රියාත්මක වන බවත්, “යුද්ධයකට පිරිවැයක් පවතින” බවත්ය. මෙම පියවර ඉරාන ඉස්ලාමීය ජනරජය සතු “අධිකාරිය සහ අයිතිය” පෙන්නුම් කරන්නක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, ඉරාන මන්ත්‍රීවරයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී (BBC) පුවත් සේවය ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බව වාර්තා වේ. ලොව බොරතෙල් සැපයුමෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබන මෙම ඉතා පටු සහ තීරණාත්මක මුහුදු මාර්ගය සඳහා මෙවැනි දැවැන්ත ගාස්තුවක් අය කිරීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ නැව් ගාස්තු ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ ඉරානය මෙලෙස මුහුදු මාර්ග පාලනය කිරීම ජාත්‍යන්තර නාවික නීති උල්ලංඝනය කිරීමක් බවටද විවිධ පාර්ශව චෝදනා කරති.














