බඩෝවිට පොලිස් මුරපොලේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී, හෑෂ් (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 24ක ප්‍රමාණයක් සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි වියේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත. ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාගත්තේ කී දිනක සිටද සහ බෙදාහැරීමේ ජාලය පිළිබඳව වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය මගින් ක්‍රියාත්මක වේ.














