ලෙබනනයේ සිට එල්ල වූ ප්‍රබල මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ මිස්ගාව් අම් (Misgav Am) ප්‍රදේශයේ රථවාහන රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ හටගත් දැවැන්ත ගින්න පාලනය කිරීමට ඊශ්‍රායල ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්ව ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය තත්ත්වය හමුවේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර දේශසීමා ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. අල්ජසීරා පුවත් සේවය විසින් මෙම වීඩියෝ දර්ශනවල සත්‍යතාව තහවුරු කර ඇති අතර, ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල වාර්තා ලැබී නොමැත. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇමරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බව ආරක්ෂක විචාරකයෝ පවසති.














