මෙරට ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ 53 හැවිරිදි සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCID) පරිගණක අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා විසින් පතුරුවා හරින ලද තොරතුරු හේතුවෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ඉන්ධන පෝලිම් නිර්මාණය කිරීමට පෙළඹී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිසිය පෙන්වා දෙන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර මඟින් විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම අධෛර්යමත් වන අතර, එය රටේ සංචාරක ව්‍යාපාරයට මෙන්ම ආර්ථික ස්ථාවරත්වයට ද දැඩි හානියක් සිදු කරන බවයි. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ බලශක්ති කළමනාකරණය පිළිබඳ රජය උපදෙස් ලබා දෙමින් සිටින මොහොතක, ජනතාව නොමඟ යවන සුළු මෙවැනි ක්‍රියාවන් දැඩි දඬුවම් ලැබිය හැකි වරදවල් බව බලධාරීන් අවධාරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. රජය පවසන්නේ ඉන්ධන තොග කළමනාකරණය කරමින් පවතින බැවින් මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි.














