බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය අද (22) සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එම අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා පවසයි. මේ මස තුළ දෙවතාවක් ඉන්ධන මිල ඉහළ යාම සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 105කින් පමණ වැඩි වීම නිසා ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගෙන තිබේ.
අද සවස ‘සූම්’ (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. රියදුරන්ට සාධාරණයක් ඉටු කරන අතරම මගීන්ට සිදුවන මූල්‍ය බර අවම වන පරිදි මෙම ගාස්තු සංශෝධනය සකස් කරන බව ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් සහ බස් ගාස්තු 10%කින් ඉහළ යාමට නියමිත පසුබිමක මෙම ත්‍රීරෝද රථ ගාස්තු වැඩිවීම ද ජනතාවට තවත් අසීරුතාවක් වනු ඇත.














