පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (මාර්තු 23) දිනය සඳහා වලංගු වන පරිදි විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරමින් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දෙයි.













