ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931ක් රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට අද (22) සමත් විය. ඒ අනුව සිකිම් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් තබා තිබූ දින 8,930ක වාර්තාව අභිබවා යමින් ඔහු ඉන්දියාවේ වැඩිම කාලයක් රජයක නායකත්වය දැරූ පුද්ගලයා බවට පත් විය. ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු දැරූ සමස්ත සේවා කාලය මෙම ඓතිහාසික වාර්තාවට පදනම් වී තිබේ.
2014, 2019 සහ 2024 මහ මැතිවරණවලදී අඛණ්ඩව තෙවතාවක් සිය පක්ෂය ජයග්‍රහණය කරවීමට සමත් වූ මෝදි මහතා, නිදහසින් පසු උපත ලැබූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද වෙයි. තමන් 2001 වසරේදී අභියෝග රැසක් මැද ගුජරාට් පාලනය භාරගෙන එය යහපාලනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ බවත්, පසුගිය වසර 11 තුළ ඉන්දියාවේ කෝටි 25ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බවත් ඔහු අවධාරණය කරයි. “සංවර්ධිත ඉන්දියාවක්” (Viksit Bharat) ගොඩනැගීම සිය මීළඟ ඉලක්කය බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.














