ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (22) අවධාරණය කළේ රට තුළ ඉන්ධන සැපයුමේ කිසිදු බාධාවක් නොමැති බැවින් ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමට අවශ්‍යතාවක් පැන නොනගින බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ ගියද, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය කරන ඉන්ධන තොග අඛණ්ඩව සැපයීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














