ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මෙවර පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියෙන් ඉවත් වී, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බව වාර්තා වේ. ආබාධයකට ලක්වූ සුපිරි ක්‍රීඩක සෑම් කරන් (Sam Curran) වෙනුවට දසුන් ශානකව කණ්ඩායමට ඇතුළත් කරගත් බව රාජස්ථාන් රෝයල්ස් බලධාරීන් තහවුරු කර ඇති බව cricbuzz වෙබ් අඩවිය සඳහන් කරයි.
PSL වෙන්දේසියේදී පකිස්තානු රුපියල් ලක්ෂ 75කට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගෙන තිබුණද, IPL වැනි දැවැන්ත වේදිකාවක ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාව සලකා ඔහු PSL කොන්ත්‍රාත්තුව අතහැර තිබේ. මීට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ දසුන්, නැවත වරක් IPL පිටියට පිවිසීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුබ පණිවුඩයක් වී ඇත.














