ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මඟින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6%ක් දක්වා පහත වැටී තිබේ. මෙය 2026 ජනවාරි මාසයේ වාර්තා වූ 2.4%ක උද්ධමන අනුපාතයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමකි.
මෙම දත්තයන්ට අනුව පෙබරවාරි මාසය තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ වේගය සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බව පෙනී යයි. මීට පෙර පැවති උද්ධමනකාරී තත්ත්වයට සාපේක්ෂව මෙම අගය පහළ යාම ආර්ථිකයේ ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, මාර්තු මාසයේදී සිදු වූ ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඉදිරි මාසවලදී මෙම අගයන් යළිත් වෙනස් වීමේ හැකියාවක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.














