2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව කැඳවීමට රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායම තීරණය කර තිබේ. ඒ අනුව ආබාධයකට ලක්ව සිටින එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් (Sam Curran) වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස දසුන් ශානක මෙවර තරගාවලියට එක්වනු ඇත.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂ කුමාර සංගක්කාර මහතා සඳහන් කළේ සෑම් කරන් වැනි දක්ෂ ක්‍රීඩකයෙකු අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් වුවද කණ්ඩායමේ සමබරතාවය රැකගැනීම සඳහා දසුන් ශානකගේ පැමිණීම ඉතා වැදගත් වන බවයි. දසුන් ශානක සතු අත්දැකීම් සහ වේගවත් පිතිකරණ විලාසය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.














