ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත සභාව සඳහා ලබන අප්‍රේල් 9 වනදා පැවැත්වීමට නියමිත තනි අදියරේ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වූ අද (23) දේශපාලන ප්‍රබලයින් රැසක් සිය නාම යෝජනා පත්‍ර භාර දී තිබේ. ප්‍රාන්ත අමාත්‍යවරුන්, පක්ෂ සභාපතිවරුන් සහ මෑතකදී පක්ෂ මාරු කළ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මෙලෙස සිය අපේක්ෂකත්වය තහවුරු කර ඇත. ඇසෑම් කොංග්‍රස් ප්‍රාන්ත සභාපති ගෞරව් ගොගොයි (Gaurav Gogoi) ජොර්හාට් (Jorhat) ආසනය සඳහා නාම යෝජනා භාර දුන් අතර එහිදී ඔහුට හිටපු කථානායක සහ බීජේපී (BJP) මන්ත්‍රී හිතේන්ද්‍ර නාත් ගෝස්වාමිගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත.
මීට අමතරව බීජේපී අමාත්‍යවරුන් වන රනෝජ් පෙගු, ජයන්ත මල්ලා බාරුවා, චන්ද්‍ර මෝහන් පැටෝවාරි සහ බිමාල් බෝරා ද අද සිය නාම යෝජනා ඉදිරිපත් කළහ. අසෝම් ගණ පරිෂද් (AGP) පක්ෂයේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතුල් බෝරා බොකාඛාට් (Bokakhat) ආසනය සඳහාත්, පසුගිය මාසයේදී කොංග්‍රස් පක්ෂය අතහැර බීජේපී පක්ෂයට එක්වූ හිටපු ප්‍රාන්ත සභාපති භූපෙන් කුමාර් බෝරා බිහ්පුරියා (Bihpuria) ආසනය සඳහාත් තරග කිරීමට නියමිතය. මෙම තීරණාත්මක මැතිවරණයේ ප්‍රතිඵල අප්‍රේල් මස අගභාගයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ප්‍රධාන පක්ෂ අතර ඉතා උණුසුම් තරගයක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.














