තෙල් මිල සහනය ලබා දීමේදී එය කෝටිපති ව්‍යාපාරිකයන්ට හෝ උග්‍ර පොහොසතුන්ට ලබා නොදී, සැබෑ ලෙසම සහනාධාරය අවශ්‍ය වන මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා වූ ජනතාව ඉලක්ක කර ගනිමින් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව අද (23) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රජය සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස තෙල් මිල අඩු කරන බව පැවසුවද, මේ වන විට වැඩිම ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ දමා ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය. එම නිසා පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වහාම මැදිහත් වී තෙල් මිල අඩු කිරීමට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි. සහනාධාර ලබා දීමේදී සුදුස්සන් හඳුනාගෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ එය ඉටු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














