ප්‍රකට මාධ්‍යවේදිනී සැවනා ගුත්‍රීගේ මව වන 84 හැවිරිදි නැන්සි ගුත්‍රී අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අලුත් වටයකින් ආරම්භ වී තිබේ. ඇරිසෝනාහි ටක්සන් ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසින් පෙබරවාරි 1 වනදා ඇය පැහැරගෙන යන්නට ඇතැයි සැක කරන අතර, පරීක්ෂණ කටයුතු සඳහා ජනවාරි 11 වනදාට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන ලබාදෙන ලෙස අසල්වැසියන්ගෙන් මීට පෙර කළ ඉල්ලීම බලධාරීන් විසින් මේ වන විට ඉල්ලා අස්කර ගෙන ඇත.
පීමා ප්‍රාන්ත ෂෙරිෆ් ක්‍රිස් නැනෝස් (Chris Nanos) ප්‍රකාශ කරන පරිදි, මෙම ඉල්ලීම මුලින්ම සිදුකළේ නිවස අසල සැක සහිත පුද්ගලයෙකු ගැවසෙනු දැක්වෙන නෙස්ට් (Nest) දොර සීනු කැමරා දර්ශනයක් පදනම් කරගනිමිනි. පෙබරවාරි 1 වනදා අලුයම මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු නැන්සිගේ නිවසේ දොර සීනු කැමරාවට හානි කරන අයුරු දැක්වෙන වීඩියෝවක් FBI ආයතනය විසින් ද නිකුත් කර තිබුණි. මෙම පුද්ගලයා මීට පෙර ජනවාරි 11 වනදා ද ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වල නිරත වන්නට ඇතැයි පරීක්ෂකයන් මුලින් සැක කළ ද, එම දිනය සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය හේතුවෙන් දැන් එම ඉල්ලීම ඉවත් කර තිබේ.
කෙසේ වෙතත්, අතුරුදන් වූ නැන්සි ගුත්‍රීගේ පවුලේ සාමාජිකයන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු තොරතුරක් කුඩා යැයි නොසිතා බලධාරීන් වෙත ලබාදෙන ලෙසයි. පරීක්ෂණ කටයුතු සඳහා FBI ආයතනය ද සෘජුවම මැදිහත් වී ඇති අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා විවිධ නම් සහ දත්ත ඔස්සේ මේ වන විටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ. පවුලේ උදවිය පවසන පරිදි ඕනෑම කුඩා හෝ තොරතුරක් සිය මව සොයා ගැනීමට උපකාරී වන ප්‍රධානතම සාක්ෂිය විය හැකිය.














