මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වුවද, ඉරානයෙන් මෙරටට ගෙන්වනු ලබන ඖෂධවල කිසිදු හිඟයක් ඇති නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. දැනට ඉරානයෙන් ප්‍රතිජීවක සහ ඉන්සියුලින් ඇතුළු ඖෂධ වර්ග 15කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය කරන අතර, එම ඖෂධ තොග ඉදිරි මාස 6ක කාලය සඳහා ප්‍රමාණවත් පරිදි පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
කිසියම් හදිසි තත්ත්වයක් මත ඖෂධ සැපයුමට බාධා මතු වුවහොත්, වෙනත් විකල්ප රටවලින් එම ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අනුව රජයේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවට සෞඛ්‍ය අංශ මහජනතාවට සහතික වෙයි.














