පකිස්ථානයේ මුළු දේපළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60%කට වැඩි දායකත්වයක් ලබා දෙන පන්ජාබ් ප්‍රාන්තය, එරට කාර්මික සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රධානතම මධ්‍යස්ථානය ලෙස සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ. පකිස්ථානයේ ප්‍රථම කාන්තා මහ ඇමතිනිය ලෙස පත්වූ මරියම් නවාස් (Maryam Nawaz) මහත්මියගේ නායකත්වය යටතේ, ප්‍රාන්තයේ පාලන පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට සුවිශේෂී ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම “E-Payment Punjab” වැනි ඩිජිටල් වේදිකා හරහා රජයේ ගෙවීම් වඩාත් කාර්යක්ෂම කර ඇති අතර, විද්‍යුත් ලිගොනු පද්ධති මගින් රාජ්‍ය පරිපාලනය නවීකරණය කර තිබේ.
කෘෂිකාර්මික අංශයෙන් පකිස්ථානයේ තිරිඟු අවශ්‍යතාවයෙන් අඩකට වඩා සපයන පන්ජාබ් ප්‍රාන්තය, එරට සහල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක දායකත්වයක් ලබා දෙයි. මීට අමතරව පකිස්ථානයේ අඹ නිෂ්පාදනයෙන් 85%ක් සහ අර්තාපල් නිෂ්පාදනයෙන් 98%ක්ම සිදුවන්නේ මෙම ප්‍රාන්තය තුළ වීම විශේෂත්වයකි. කාර්මික අංශය සලකා බැලීමේදී පකිස්ථානයේ රෙදිපිළි කර්මාන්ත පදනමෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් පන්ජාබ් ප්‍රාන්තය සතු වන අතර, එමගින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 17 සිට 19 දක්වා අපනයන ආදායමක් උත්පාදනය කරයි.
කාන්තා සවිබල ගැන්වීම සඳහා ද ප්‍රමුඛතාව ලබා දෙමින්, කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ පොලිස් ස්ථාන, නේවාසිකාගාර සහ ඩිජිටල් තාක්ෂණ පුහුණු වැඩසටහන් රැසක් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වේ. මැදපෙරදිග කලාපයේ පවතින ආර්ථික ප්රවණතා හමුවේ, මෙවැනි ශක්තිමත් ආර්ථික සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ පකිස්ථානයේ අනාගත ස්ථාවරත්වයට මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ද මහඟු පිටුවහලක් වනු ඇත. දේශීය ඉන්ධන අර්බුද හමුවේ QR කේත ක්‍රමවේද වැනි ඩිජිටල් විසඳුම් වෙත යොමුවන පසුබිමක, පන්ජාබ් ප්‍රාන්තයේ මෙම තාක්ෂණික පිම්ම සමස්ත රටටම ආදර්ශයකි.














