පවතින බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය අංශයේ වාහන භාවිතය සීමා කරමින් ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. දැනට රාජ්‍ය අංශය සතුව ධාවන තත්ත්වයේ පවතින වාහන 92,000ක් ඇති අතර, ඉන් එක් වාහනයකින් දිනකට අවම වශයෙන් ඉන්ධන ලීටරයක් බැගින් ඉතිරි කරගත හැකිනම්, මුළු රටටම දිනකට ඉන්ධන ලීටර් 92,000ක් ඉතිරි කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි. මෙම ක්‍රමවේදය ඔස්සේ මාසිකව ඉන්ධන ලීටර් මිලියන 9.2ක් සහ වාර්ෂිකව ලීටර් මිලියන 110කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට රජය අපේක්ෂා කරයි. මේ සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම තමන්ටම ආවේණික වූ ඉන්ධන පිරිමැසුම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර, විශේෂයෙන්ම රියදුරන් සහ නිලධාරීන් දැනුවත් කිරීම හරහා අනවශ්‍ය ගමන් වාර අවම කිරීම සහ වාහන නිසි ලෙස නඩත්තු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා සියලුම රාජ්‍ය ආයතන වෙත දන්වා සිටියි.












