මධ්‍යම කඳුකරයට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ මතුව ඇති පානීය ජල හිඟය පාලනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. හැටන් ප්‍රදේශයට ප්‍රධාන වශයෙන් ජලය සපයන සිංගිමලේ වේල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම මෙම අර්බුදයට සෘජු හේතුව වී ඇත.
පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට ජලය බෙදා හැරීම විධිමත් කිරීම සඳහා අද (2026 මාර්තු 24) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවියගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණේ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට දිනක් හැර දිනක් ජලය ලබාදීමටයි. එසේම ජල නළ මගින් ජලය ලබාගැනීමට අපහසු කඳු මුදුන්වල පදිංචි ජනතාව සඳහා බවුසර් මගින් ජලය සැපයීමට ද මෙහිදී එකඟතාව පළ විය.
වියළි කාලගුණය අවසන් වන තෙක් පවතින සීමිත ජල සංචිත අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාම වතුකරයේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.














