අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන මාර්තු මාසයට අදාළ දීමනා ලබාදීම සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ලබන මාර්තු 26 වැනි බ්‍රහස්පතින්දා දින මෙම ගෙවීම් සිදු කිරීමට නියමිතය. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 622,462 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 3.1ක මුදලක් වෙන් කර ඇති අතර, දෙවැනි අදියර යටතේ තවත් වැඩිහිටියන් 71,339 දෙනෙකු සඳහා රුපියල් මිලියන 356ක මුදලක් වෙන් කර ඇත.
ප්‍රතිලාභීන්ට තම අස්වැසුම දීමනා මුදල් මාර්තු 26 වැනිදා සිට ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් හරහා ලබාගත හැකි බව සුබසාධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. මෙවර ගෙවීම් සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 3.4කට අධික මුදලක් රජය විසින් වැය කරනු ලබයි. උත්සව සමය එළඹෙමින් පවතින බැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම දීමනාව නියමිත දිනට ලබා දීම මඟින් ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීමට විශාල සහනයක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














