බලපත්‍ර නොමැතිව මහා පරිමාණයෙන් ඉන්ධන රැස්කරගෙන සිටි පුද්ගලයෙකු මොරගහහේන, ගෝනපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. සැකකරුගේ නිවස පිහිටි ඉඩම පරීක්ෂා කිරීමේදී එහි නවතා තිබූ පානදුර ප්‍රදේශයේ ඉන්ධන හලකට අයත් බවුසර් රථයක් තුළ තිබී ඩීසල් ලීටර් 6,600ක් සොයාගෙන ඇත. මීට අමතරව නිවස තුළ සඟවා තිබූ බැරල් කිහිපයක තිබී තවත් ඩීසල් ලීටර් 152ක් සහ පෙට්‍රල් ලීටර් 120ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි ගෝනපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මෙම ඉන්ධන තොගය නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැස්කර තබා ඇති බවට සැක කෙරේ. රට තුළ ඉන්ධන කළමනාකරණය සඳහා විවිධ පියවර ගනිමින් පවතින පසුබිමක මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය සහ මොරගහහේන පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.














