ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ යෝර්ක් (York) නගරයේ පිහිටි සුප්‍රකට “Eagles Nest” අවන්හල සහ උත්සව ශාලාව ඊයේ (2026 මාර්තු 24) හටගත් මහා ගින්නකින් දැඩි හානියට පත්ව තිබේ. 1937 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම ඓතිහාසික ගොඩනැගිල්ල ගිනි නිවන භටයින් පිරිසක් විසින් පාලනය කිරීමට උත්සාහ කරන අයුරු දැක්වෙන සංවේදී දර්ශන අද (2026 මාර්තු 25) පෙරවරුවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
මවුන්ට් රෝස් මාවතේ (Mt Rose Ave) පිහිටි මෙම අවන්හලේ වහලවල් දෙකක් අතරින් ගින්න ආරම්භ වී ඇති අතර, එය නිවා දැමීම සඳහා ගිනි නිවන කණ්ඩායම් 20කට අධික සංඛ්‍යාවක් සහ හදිසි සේවා නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත. ගින්න හේතුවෙන් මවුන්ට් රෝස් මාවතේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වසර 89ක අතීතයකට උරුමකම් කියන මෙම සුවිශේෂී ස්ථානය විනාශ වීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය කනගාටුව පළ කරති.














