මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත්, මෙතෙක් මෙරටට පැමිණීම සඳහා කිසිදු විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන බව ද එම කාර්යාංශය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව යන පිරිසෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව ද වාර්තා වේ. යුදමය තත්ත්වය සහ ගුවන් ගමන් අවලංගු වීම් වැනි කරුණු මෙලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යාම අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඕනෑම හදිසි අවස්ථාවකදී ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කර ඇති බවයි.














