• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය නිසා පිලිපීනය ලොව ප්‍රථම වරට ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

25 March 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය නිසා  පිලිපීනය ලොව ප්‍රථම වරට  ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ තම රටේ බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති දැඩි තර්ජනය සැලකිල්ලට ගනිමින් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් (Ferdinand Marcos Jr) මහතා ඊයේ (2026 මාර්තු 24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘ජාතික බලශක්ති හදිසි අවස්ථාවක්’ (National Energy Emergency) ප්‍රකාශයට පත් කළේය. මෙවැනි පියවරක් ගත් ලොව ප්‍රථම රට පිලිපීනයයි. හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යාම සහ ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පිලිපීනයට අවශ්‍ය බොරතෙල් සැපයුම අඩාල වී ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ 110 දරන විධායක නියෝගයේ (Executive Order 110) සඳහන් වේ. පිලිපීනය සිය තෙල් අවශ්‍යතාවයෙන් 98%ක්ම මැදපෙරදිගින් ආනයනය කරන අතර පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට එරට ඉන්ධන මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ.
ඉන්ධන ආහාර සහ ඖෂධ බෙදා හැරීම විධිමත් කිරීම සඳහා UPLIFT වැඩසටහන යටතේ විශේෂ කමිටුවක් පිහිටුවා ඇත. රජයට සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට සහ අවශ්‍ය නම් ඒ සඳහා අත්තිකාරම් ගෙවීම් කිරීමට බලය පවරා ඇත. බලශක්ති සංරක්ෂණය සඳහා රාජ්‍ය අංශයේ සේවකයින් වෙනුවෙන් සතියකට දින 4ක වැඩ සතියක් හඳුන්වා දී ඇති අතර ගුවන් ගමන් සීමා කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇත. විදුලි මිල පාලනය කිරීම සඳහා ස්වභාවික වායුව වෙනුවට තාවකාලිකව ගල්අඟුරු බලාගාර වැඩිපුර ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. පිලිපීන බලධාරීන් පවසන පරිදි එරට සතුව දැනට පවතින්නේ දින 45කට ප්‍රමාණවත් ඉන්ධන තොග පමණි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන වෘත්තීය සමිති (PISTON) හෙට (26) සහ අනිද්දා (27) දෙදින දැවැන්ත වැඩවර්ජනයක නිරත වීමට ද සූදානම් වේ.
Post Views: 2
Previous Post

ඩෙන්මාර්ක මැතිවරණයෙන් මෙට් ෆ්‍රෙඩ්රික්සන්ගේ පක්ෂයට පසුබෑමක්

Next Post

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැරීමට පාකිස්තානය සූදානම් බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුදෙව්වන්ට මානව හිමිකම් අයිති නැද්ද?

යුදෙව්වන්ට මානව හිමිකම් අයිති නැද්ද?

25 March 2026
පාකිස්ථානයේ මැදිහත්වීම් හමුවේ  ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේදී  කරච්චි බලා ගිය නෞකාවක් හරවා යවයි

පාකිස්ථානයේ මැදිහත්වීම් හමුවේ ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේදී කරච්චි බලා ගිය නෞකාවක් හරවා යවයි

25 March 2026

මීගස්වැවදී අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් හමුවෙයි

25 March 2026
අමුද්‍රව්‍ය මිල ඉහළ යාමෙන්  මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

අමුද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමුද්‍රව්‍ය මිල ඉහළ යාමෙන්  මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

අමුද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

25 March 2026
රැඳවුම් භාරයේ සිටින  සුරේෂ් සලේ හදිසි අසනීප තත්ත්වයක්  මත රෝහල්ගත කෙරේ

රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කෙරේ

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved