• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය

පුත්තලමේ බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අවධානය

25 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට  බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ප්‍රැටික් (Andrew Patrick) මහතා ප්‍රකාශ කර තිබේ. අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සහ මහ කොමසාරිස්වරයා අතර අමාත්‍ය කාර්යාලයේදී අද (මාර්තු 25) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ විය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පවතින නීතිමය බාධාවන් ඉවත් කර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
මෙම හමුවේදී මෙරට රාජ්‍ය සේවය වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන සේ නවීකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහාය ලබාදීමට ද එකඟතාව පළ විය. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු හා සංවර්ධන වැඩසටහන් කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි. පවතින ආර්ථික හා සමාජ අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් පෙන්නුම් කරන ඔරොත්තු දීමේ හැකියාව (Resilience) මහ කොමසාරිස්වරයාගේ විශේෂ ඇගයීමට ලක්වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
සංවර්ධන සැලසුම් යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ අතර, එම ප්‍රදේශය සූර්ය සහ සුළං බලශක්තිය සඳහා ඉතා යෝග්‍ය කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ. එහිදී සාගරය මැද සුළං බලාගාර ඉදිකිරීමේ (Offshore Wind Energy) සංකල්පය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර, හරිත බලශක්ති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීම පිළිබඳව ද මෙහිදී මූලික එකඟතාවන්ට පැමිණ ඇත.
Post Views: 1
Previous Post

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයන් 29ක් කොටු කරගනී

Next Post

යුරෝපා සංගමයේ රහස් රුසියාවට ලබා දුන් බවට හංගේරියාවට චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපා සංගමයේ රහස්  රුසියාවට ලබා දුන් බවට  හංගේරියාවට චෝදනා

යුරෝපා සංගමයේ රහස් රුසියාවට ලබා දුන් බවට හංගේරියාවට චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙටා (Meta) සමාගම  හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  හානි කළ බවට  ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

මෙටා (Meta) සමාගම හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

25 March 2026
SpaceX සමාගම  ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා  සූදානම් වෙයි

SpaceX සමාගම ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා සූදානම් වෙයි

25 March 2026

යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පවසද්දීත් ඇමෙරිකාව මැදපෙරදිගට 82 වන ගුවන් හමුදා සේනාංකය යැවීමට සැරසෙයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

ෆුජයිරාහිදී මේ සති අන්තයේ දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පවසද්දීත් ඇමෙරිකාව මැදපෙරදිගට 82 වන ගුවන් හමුදා සේනාංකය යැවීමට සැරසෙයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

ෆුජයිරාහිදී මේ සති අන්තයේ දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved