‘දිට්වා’ (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ ධීවර ප්‍රජාවට සහන සැලසීමේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ රුපියල් 5,360,000ක වන්දි මුදල් ප්‍රදානය කිරීම පසුගියදා සිදුකෙරිණි. සේනානායක සමුද්‍රය මුල් කරගනිමින් සිය ජීවිකාව ගෙන යන පවුල් රැසකගේ ධීවර ආම්පන්නවලට මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි හානි සිදුව තිබිණි.
ඉගිනියාගල ග්‍රාමීය මිරිදිය ධීවර සංවිධාන සමිති ශාලාවේදී පැවැති මෙම උත්සවයේදී ධීවර සමිති සාමාජිකයින් 96 දෙනෙකු වෙත මෙම වන්දි මුදල් පිරිනමන ලදී. නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව්. පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. කුණාටුවෙන් අඩපණ වූ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවීම සහ ධීවර ජනතාවගේ ආර්ථිකය සුරක්ෂිත කිරීම මෙම වන්දි ප්‍රදානයේ මූලික අරමුණ වී තිබේ.












