ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය හමුවේ පාකිස්ථානය දරුණු ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර, පවතින තත්ත්වය හමුවේ එරට ඉන්ධන මිල පාලනය ඉවත් කිරීමට (Unfreeze) රජය සලකා බලමින් සිටින බව අද (2026 මාර්තු 25) දිනැති වාර්තා හෙළි කරයි. බටහිර ආසියානු කලාපයේ පවතින මෙම ගැටුම හේතුවෙන් පාකිස්ථානය තුළ ජෙට් යානා ඉන්ධන සහ භූමිතෙල් මිල ගණන් නිල නිවේදනයකින් තොරවම මේ වන විටත් අහස උසට ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) ඊයේ (මාර්තු 24) සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැරීමට තම රට සූදානම් බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සටහන නැවත බෙදාගෙන තිබුණ ද, එම ආරාධනය පිළිගන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත. යුද්ධය නැවැත්වීම පාකිස්ථානයට අතිශය වැදගත් වී ඇත්තේ එරට ආර්ථිකය දැඩි ලෙස ඇද වැටෙමින් පවතින බැවිනි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂම්ස් කෙරියෝ (Shams Kerio) පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් පාකිස්ථානයේ පෙට්‍රල් මිල තවදුරටත් ඉහළ යන අතර එමගින් දුප්පත් ජනතාවට “ආහාර වේල පවා අහිමි වන” තත්ත්වයක් උදාවිය හැකි බවයි. ඉරානය සමඟ පවතින සමීප සබඳතා සහ ඇමෙරිකාව සමඟ පවතින දේශපාලන සබඳතා මැද පාකිස්ථානය මේ වන විට දෙපැත්තෙන්ම පීඩනයට ලක්ව සිටියි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය යූරියා සහ ආහාර සඳහා අවශ්‍ය තිරිඟු හිඟය ද මේ සමඟ උග්‍ර වී තිබේ.














