මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් බංග්ලාදේශය සිය ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මිල සියයට 80කින් ඉහළ නංවා තිබේ. බංග්ලාදේශ බලශක්ති නියාමන කොමිසම (BERC) විසින් ගනු ලැබූ මෙම තීරණය ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය.
මෙය මාර්තු මාසය තුළ සිදුවූ දෙවැනි මිල සංශෝධනය වන අතර, පෙබරවාරි අග භාගයේ මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල සමස්තයක් ලෙස සියයට 111කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව දේශීය ගුවන් ගමන් සඳහා භාවිත කරන ඉන්ධන ලීටරයක මිල ටකා 112.41 සිට ටකා 202.29 දක්වාත්, ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඇමරිකානු ඩොලර් 0.73 සිට 1.32 දක්වාත් වැඩි වී තිබේ.
මෙම හදිසි මිල වැඩි කිරීම බංග්ලාදේශ ගුවන් සේවා ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් වනු ඇති බවත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ටිකට්පත් මිල විශාල ලෙස ඉහළ යා හැකි බවත් එරට ගුවන් ක්‍රියාකරුවන්ගේ සංගමය (AOAB) අනතුරු අඟවයි.














