බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම අද (26) සිදු කෙරේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය බදුල්ලේ අදාළ වතු පරිශ්‍රයන්හිදී පැවැත්වීමට නියමිතය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන සංකල්පය යථාර්ථයක් කරමින්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම “ආපදා නිවාස වැඩසටහන” ක්‍රියාවට නැංවේ.
මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 54ක මුදලක් වෙන් කර ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ කනවරැල්ල සහ හොප්ටන් යන ප්‍රදේශවල නායයෑමේ අවදානමට ලක්ව සිටින පවුල් 17ක් වෙනුවෙන් නව නිවාස ඒකක 17ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. දීර්ඝ කාලයක් පුරා ස්වභාවික ආපදා භීතියෙන් පීඩාවට පත්ව සිටි වතු ජනතාවට ස්ථිර, සුරක්ෂිත සහ ගෞරවනීය නිවාස හිමිකර දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණයි.













