නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් මුදලින් මිලදී ගත් රුපියල් මිලියන 150ක් වටිනා දේපොළ ප්‍රමාණයක් තහනම් කිරීමට (ක්‍රියාවිරහිත කිරීමට) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙලෙස දේපොළ රැස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරු හොරේතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් රුපියල් මිලියන 50ක් වටිනා නිවසක් සහ ඉඩමක් ද, මොරටුව ප්‍රදේශයෙන් රුපියල් මිලියන 100ක් වටිනා තෙමහල් නිවසක් සහ ඉඩමක් ද මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම දේපොළ දින 7ක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී ඒවා රාජසන්තක කිරීමට අදාළ නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.














