එඩේරමුල්ල පොලිස් වසමේ බුද්ධත්ව ජයන්ති මාවතේදී ඊයේ (25) දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 0.01 (ග්‍රෑම් 10) සහ මිලිග්‍රෑම් 30ක් ද, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 0.01 (ග්‍රෑම් 10) සහ මිලිග්‍රෑම් 30ක් ද සොයාගෙන ඇත. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 130,000ක මුදලක් සහ ඔහු ගමන් කළ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන වනවාසල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් එඩේරමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














