අම්බලන්තොට පොලිස් වසමේ වරාගොඩැල්ල ප්‍රදේශයේදී ඊයේ (25) දහවල් සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා “අයිස්” මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 31 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120යි මිලිග්‍රෑම් 750ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ. සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේම පදිංචි අයෙකු වන අතර, ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබුණේද යන්න පිළිබඳව පොලිසිය සැක පළ කරයි. අම්බලන්තොට පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














