ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ අමෙරිකාව පනවා ඇති සම්බාධක ලිහිල් කරමින්, රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනය කිරීමට දකුණු කොරියාවට අවසර හිමිව තිබේ. දකුණු කොරියානු වෙළෙඳ, කර්මාන්ත සහ සම්පත් අමාත්‍යාංශය තහවුරු කරන පරිදි, රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පනවා තිබූ සීමාවන් මෙලෙස තාවකාලිකව ලිහිල් කිරීමට වොෂින්ටනය පියවර ගෙන ඇත.
මෙම එකඟතාවයට අනුව, අමෙරිකානු ඩොලර් නොවන වෙනත් මුදල් ඒකකවලින් ගෙවීම් සිදු කරන්නේ නම් රුසියානු බලශක්ති නිෂ්පාදන මිලදී ගැනීමට සෝල් පාලනයට අවස්ථාව හිමි වේ. මේ සඳහා අමෙරිකාවේ “ද්විතීයික සම්බාධක” (Secondary Sanctions) අදාළ නොවන බව ද තහවුරු කර ඇත. පවතින මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පාලනය කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, මේ මස මුලදී රුසියානු තෙල් බැරල් මිලියන සිය ගණනක් සම්බාධකවලින් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබුණි.














