නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබාගන්නා ස්ථාන කිසිදු කොන්දේසියකින් තොරව වටලා එම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද (26) ප්‍රකාශ කළ අතර තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. ගෝලීය බලශක්ති අර්බුදය සහ දේශීය සැපයුම් ජාලයේ පවතින සීමාවන් හමුවේ ඉන්ධන කළමනාකරණය සඳහා ජනාධිපතිවරයාගේ සිට පහළටම ආදර්ශමත් ලෙස කටයුතු කරමින් සිටින බවත් මෙවැනි පසුබිමක ඉන්ධන ජාවාරම්වල නිරත වන්නන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන් අතර ඉන්ධන නීතිවිරෝධී ලෙස තොග රැස් කිරීම නිසා වෙළෙඳපොළේ කෘතිම හිඟයක් ඇති විය හැකි බැවින් එවැනි ස්ථාන පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම බලධාරීන් දැනුවත් කරන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














