පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි සතිය තුළ තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර මේ හේතුවෙන් මහජනතාව දැඩි අවදානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් මෙම උෂ්ණාධික තත්ත්වය හමුවේ වැඩි අවදානමකට ලක්විය හැකි බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
උණුසුම් කාලගුණයෙන් සිදුවන බලපෑම් අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් සුදු හෝ ලා පැහැති ලිහිල් ඇඳුම් භාවිත කරන ලෙසත්, සිරුර විජලනය වීම වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි පිරිසිදු ජලය පානය කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව දහවල් කාලයේදී සෘජු සූර්යාලෝකයට නිරාවරණය වීම හැකිතාක් සීමා කරන ලෙසත්, අධික ලෙස වෙහෙස මහන්සි වී කරන වැඩකටයුතු මග හරින ලෙසත් වෛද්‍යවරුන් මහජනතාවට දන්වා සිටියි.














