පසුගිය 2025 වසරේ මැයි මස 19 වන දින දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස මෙම සැකකරු හඳුනාගෙන තිබේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වීමට නියමිත සැකකරු වන්නේ දෙහිවල, ඕබන් පෙදෙස, අංක 41/14 පදිංචි සේනාරත්නගේ ධනංජය කෞෂල්‍ය පෙරේරා නමැති අයෙකි. මෑත කාලීනව දකුණු සහ බස්නාහිර වෙරළ තීරයේ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට යුද හමුදා බුද්ධි අංශ සහ පොලිසිය එක්ව දියත් කර ඇති විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ මෙවැනි පරණ අපරාධකරුවන් කොටු කර ගැනීමට විමර්ශන කණ්ඩායම් දැඩි වෙහෙසක් දරයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි:
071-8596065 (ස්ථානාධිපති – බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය)
011-2809077 (බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය)












