මැදපෙරදිග කලාපයේ උද්ගතව පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (26) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණි. මැදපෙරදිග පවතින අස්ථාවර තත්ත්වය හමුවේ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ වඩාත් විධිමත් සහ අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය වූ අතර විදේශ ශ්‍රමිකයින්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට බඳුන් විය. තවද විදේශගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා (FBH) නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවකට යටත් වූ නව ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර කලාපීය ආරක්ෂක තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ තිරසාරභාවය රැක ගැනීම සඳහා රජය සහ රැකියා නියෝජිතායතන එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.












