ප්‍රකට කොන්සර්වේටිව් දේශපාලන විචාරිකා කැන්ඩස් ඕවන්ස් (Candace Owens) සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි හිතවාදිනියක වන ලෝරා ලූමර් (Laura Loomer) අතර පවතින ගැටුම, ඕවන්ස්ගේ සැමියා වන ජෝර්ජ් ෆාමර් (George Farmer) ඉලක්ක කර ගනිමින් තවදුරටත් උග්‍ර වී තිබේ. ජෝර්ජ් ෆාමර් නමින් ඇති අපරාධ වාර්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරමින් ලෝරා ලූමර් ඊයේ (2026 මාර්තු 26) විමසා සිටියේ “මේ ඔබේ සැමියාද?” යනුවෙනි.
මෙයට පිළිතුරු දෙමින් කැන්ඩස් ඕවන්ස් පවසා ඇත්තේ ලූමර් විසින් ප්‍රසිද්ධ කරන ලද එම ලේඛනවලින් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවන කොටස් හිතාමතාම කපා ඉවත් කර ඇති බවයි (You cut out…). එමෙන්ම මීට පෙර 2025 වසරේදී ද ටෙනසි ප්‍රාන්තයේදී බීමත්ව රිය පැදවීමේ (DUI) චෝදනාවක් ජෝර්ජ් ෆාමර්ට එරෙහිව ඇති බවට ලූමර් විසින් චෝදනා කර තිබුණි. මෙම සිදුවීමත් සමඟ දෙපාර්ශ්වයේම ආධාරකරුවන් සමාජ මාධ්‍ය තුළ දැඩි වාද විවාදවල නිරත වෙමින් සිටිති.
විචාරකයන් පවසන්නේ මෙය හුදෙක් පෞද්ගලික මඩ ගැසීමේ ව්‍යාපාරයක් බවත්, දේශපාලනමය වශයෙන් පවතින මතභේද මෙලෙස පවුලේ සාමාජිකයන් කරා ඇදගෙන යාම කණගාටුදායක බවත්ය.













