ඇමෙරිකාවේ නිව්යෝර්ක් (Newark) ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආසන්න ප්‍රදේශයක ඊයේ (2026 මාර්තු 26) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ඩොරේමස් මාවතේ (Doremus Avenue) පිහිටි වගුරු බිමක හටගත් මෙම ලැව්ගින්න (Vegetation fire) හේතුවෙන් නැගුණු කළු පැහැති ඝන දුමාරය ගුවන් තොටුපළ පථය (Runway) දක්වා දර්ශනය වීම නිසා ගුවන් මගීන් අතර දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.
ගිනි නිවන හමුදාව වහාම ක්‍රියාත්මක වී විවිධ පැතිවලින් ජලය විදිමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර, එය වගුරු බිමකට පමණක් සීමා කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. මෙම සිදුවීමෙන් ගුවන් තොටුපළේ ගොඩනැගිලිවලට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති බවත්, ගුවන් ගමන් සඳහා බාධාවක් එල්ල වී නොමැති බවත් ‘Watch Duty’ වාර්තා සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවල ගුවන් යානා අසලින්ම දුම් වැලපෙළවල් නැගෙන අයුරු දැක්වුණු අතර, බොහෝ දෙනා සැක කළේ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ ගින්නක් හටගෙන ඇති බවයි. කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය පාලනය කර ඇති බව බලධාරීහු තහවුරු කරති.














