ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු (CJI) සූර්යා කාන්ත් (Surya Kant) මහතා විසින් එරට මහාධිකරණ 25ක අගවිනිසුරුවරුන් වෙත විශේෂ ලිපියක් යොමු කරමින්, දැනට පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ. මෙහිදී විශේෂයෙන්ම අධිකරණ පද්ධතියේ විවිධත්වය සුරැකීම සඳහා කාන්තා විනිසුරුවරියන් වැඩි වශයෙන් පත් කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ද ඔහු අවධාරණය කර ඇත.
ඉන්දීය නීති අමාත්‍ය අර්ජුන් රාම් මේඝ්වාල් (Arjun Ram Meghwal) මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්තවලට අනුව, මේ වන විට මහාධිකරණවල අනුමත විනිසුරු සංඛ්‍යාව 1,122ක් වුවද ඉන් තනතුරු 309ක් (27.5%ක්) පුරප්පාඩුව පවතී. මෙම පුරප්පාඩු හේතුවෙන් නඩු විභාග ප්‍රමාද වන බැවින්, අදාළ නිර්දේශයන් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා දන්වා සිටියි.
විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රාන්ත රජය, බුද්ධි අංශ (IB), ශ්‍රේෂ්ඨාධිකරණ කොලීජියම සහ මධ්‍යම රජය යන අංශ කිහිපයක අනුමැතිය අවශ්‍ය වන බැවින්, එම දීර්ඝ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මහාධිකරණ මට්ටමින් මුලපිරීම අත්‍යවශ්‍ය බව ද අගවිනිසුරු සූර්යා කාන්ත් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














