2026 වසර සඳහා වන “ජාතික අඛණ්ඩතා සතිය” අද (27) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. “අඛණ්ඩතාවයේ සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්” යන්න මෙවර එහි තේමාව වී ඇති අතර, රාජ්‍ය සේවය තුළ සහ පොදුවේ රට තුළ යහපත් පාලනයක් සහ විනිවිදභාවයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
රාජ්‍ය සේවයේ පද්ධති සහ භාවිතයන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම ප්‍රවර්ධනය කිරීම, ජාතික මට්ටමින් අඛණ්ඩතාව සහ අවංකභාවය අගය කරන සංස්කෘතියක් ගොඩනැගීම මෙන්ම සාධාරණ වෙළඳපොළ පරිසරයක් දිරිමත් කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. මීට අමතරව රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය බදු නිසි ලෙස ගෙවීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ද මෙම සතිය තුළ සිදු කිරීමට නියමිත විශේෂ කාර්යයකි.














