ලිංගික අපරාධකරුවෙකු ලෙස සැලකෙන නැසීගිය ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති “සමීප පෞද්ගලික සහ ව්‍යාපාරික සබඳතා” පිළිබඳව සාක්ෂි ලබා දෙන ලෙස ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභික සුහාස් සුබ්‍රමනියම් (Suhas Subramanyam) විසින් සාරා ෆර්ගසන් හෙවත් යෝර්ක්හි ආදිපාදවරියගෙන් සෘජු ඉල්ලීමක් කර තිබේ. බීබීසී (BBC) පුවත් සේවය විසින් අනාවරණය කළ ලිපියකට අනුව, ඇයගේ හිටපු සැමියා වන ඇන්ඩෘ කුමරුගේ (Andrew Mountbatten-Windsor) එප්ස්ටයින් සමඟ පැවති සම්බන්ධතා පිළිබඳව ද මෙහිදී විමසීමට නියමිතය.
ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජනවාරි මාසයේදී ප්‍රසිද්ධ කරන ලද ‘එප්ස්ටයින් ලිොගු’ (Epstein files) හරහා සාරා ෆර්ගසන් සහ එප්ස්ටයින් අතර පැවති ඊමේල් පණිවිඩ රැසක් අනාවරණය වී තිබුණි. 2008 වසරේදී එප්ස්ටයින් වරදකරු වූ පසුව ද “මම ඔබේ සේවයට සූදානම්” (I am at your service) යනුවෙන් ඇය විසින් එවන ලද පණිවිඩ සහ ඇය එප්ස්ටයින්ගෙන් මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවට සාක්ෂි පවතින බව එම ලිපියෙහි සඳහන් වේ.
සාරා ෆර්ගසන් ඇමෙරිකානු වැසියෙකු නොවන බැවින් ඇයට සාක්ෂි දීමට බලකිරීමට ඇමෙරිකානු රජයට නීතිමය හැකියාවක් නොමැති වුවද, යුක්තිය ඉටු කිරීම සඳහා ඇයගේ සහයෝගය අපේක්ෂා කරන බව කොන්ග්‍රස් සභිකයා පවසයි. මේ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඇයට 2026 අප්‍රේල් 09 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ.














