2026 Zhongguancun සංසදයේ වාර්ෂික රැස්වීමට සමගාමීව ඊයේ (26) පැවැති විවෘත විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංසදයේදී ‘ගෝලීය විවෘත විද්‍යා පරිණත දර්ශක අධීක්ෂණ වාර්තාව’ එළිදක්වන ලදී. එම වාර්තාවට අනුව විවෘත විද්‍යා ක්ෂේත්‍රයේ (Open Science) වේගවත්ම ප්‍රගතියක් අත්කර ගනිමින් ලොව ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට චීනය සමත්ව තිබේ. චීනය තුළ පවතින උසස් නවෝත්පාදන හැකියාව සහ ජාත්‍යන්තර සහයෝගීතා වාතාවරණය මෙහිදී විදේශීය විශේෂඥයන්ගේ ඉහළ ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට එක් වූ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ අධ්‍යක්ෂ ෂාබාස් ඛාන් (Shahbaz Khan) මහතා සඳහන් කළේ චීනය සතු තරුණ කුසලතා, විද්‍යාඥයන්ගේ නවෝත්පාදන ජීවගුණය සහ විවිධ රටවල විශේෂඥයන් සඳහා ලබාදෙන විශිෂ්ට දිරිගැන්වීම් චීනය මෙම ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති බවයි. විද්‍යාත්මක දත්ත සහ පර්යේෂණ ප්‍රතිඵල ලොව පුරා විවෘතව බෙදාහදා ගැනීම ප්‍රවර්ධනය කිරීමේදී චීනය දක්වන මෙම සක්‍රීය දායකත්වය ගෝලීය විද්‍යාත්මක ප්‍රජාවට මහඟු ආදර්ශයක් බව ද එහිදී අවධාරණය කෙරිණි.














